සරල රේඛාව
තිත් ගොඩකි...
ඒය ඡේදනය කරන සරල රේඛාවටද
තිත් ගොඩකි...
නමුත් අසමාන්තර
සරල රේඛාවෝ
ඡේදනය වනුයේ....
ඒකම ඒක තිතක් මතිනි.
නිමිත්ත,
මේ විශ්ව විද්‍යාලයේ විභාග සමයයි. සුන්දර උසස්ස පෙල අතීතය තනිවුණ මට සරල රේඛාව නම් ශුද්ධ ගණිතයේ පාඩමක් මතක් විය.
සරල උනත් සරල රේඛාව මාරය. සරල රේඛාවක් හැදෙන්නේ පුංචි තිත් ගොඩක් ඒක පෙළට සැකසිල. අනන්ත ප්‍රමාණයක් තිත් තිබ්බත් සරල රේඛාවක් සමාන්තර නොවන තවත් රේඛාවක් ඒක්ක කැපෙන්නේ ඒකම ඒක තිතක් මතදි.
මිනිස්සු විවිධාකාරයි....
හුගක් අය හිතන්නේ දෙදෙනෙක් අතර හොද සබඳතාවක් ගොඩ නැගෙන්නේ ඒ දෙදෙනාම සමාන ගති පැවතුම් තියනවනම් විතරයි කියලා. ඒ වුනත් නොගැලපීම් අනන්ත ගණනක් අතරේ පවතින ඒකම ඒක ගැලපීමක් ඒ දෙන්නව සදහටම ඒක් කරන්න පුළුවන් අවස්ථාත් නැතිවාම නෙවෙයි.